දැක්ම

මිත්‍රශීලී, කාර්යක්ෂම හා ඵලදායී ප්‍රාදේශීය පරිපාලනයක් තුලින් විශිෂ්ඨ රාජ්‍ය ‌‌සේවයක්

මෙහෙවර 

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ‌‌සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙකන් යුත්

කාර්යක්ෂම තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රාදේශීය ජන ජීවීතය නංවාලීම

 ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් මහනුවර,බදුල්ල රත්නපුර යන දිස්ත්‍රික්කයන්ට සීමාවන් වූ  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහෙන් ශ්‍රී ලංකාවේ උසම කන්ද ලෙස සැලකෙන මුහුදු මට්ටමින් උස අඩි 8281 හා මීටර් 254 වන පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනෙකුත් ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශ අතුරින් සුවිශේෂී වූ භූගෝලීය කලාපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකි.

සීතල කදුකරයේ විවිධ භූගෝල විෂමතාවයන්ගේන් යුතු නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වඩා වැදගත් වන හේතු ගණනාවක් ඇත.ඒ අතරින් යටත් විජිත සමයේ පෘතුර්‍ග්‍රසින් ලන්දේසීන් හා ඉංග්‍රිසින් විසින් ශ්‍රි ලංකාවේ පිහිටවනු ලැබූ බ්‍රිතාන්‍ය ආකෘතියට  අනුව ගොඩනැගූ එකම නගරය නුවරඑළිය නගරයයි.එය පිහිටා තිබෙන්නේ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නුවරඑළිය නගරයේ වර්ග කි.මී.14 ක් තුලය.

නුවරඑළිය නගරය පිහිටා ඇත්තේ පිදුරුතලාගල පාමුලයි.මෙම නගරය දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද වැදගත් තැනක් උසුලන්නේ මෙහි පවතින සීත දේශගුණය නිසාය.මුහුදු මට්ටමින් අඩි 6280 කින් යුතුව නුවරඑළිය නගරය පිහිටා ඇත.ඉංග්‍රිසින්ගේ පාලන සමයේ දී 1815 දී ශ්‍රි ලංකාව මුලුමනින්ම යටත් කර ගන්නා තුරු නුවරඑළිය පාලනය වූයේ වලපනේ දිසාව යනුවෙනි.1818 දී උඩරට මහ කැරැල්ලට ඉංග්‍රිසින්ට විරුද්ධව ගෙනගිය නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල මහ නිලමේ ගේ කදවුරු භූමිය නුවරඑළිය පට්ටිපොළ,කදපොල ,ශාන්තිපුර,යන ස්ථාන වල ස්ථානගතවී තිබූ බව ඉතිහාසයේ සදහන් වේ.

නුවරඑළිය නගරය බිහි වන්නේ 1818 කැරැල්ල පසුබිම් කරගෙනය.1821 වර්ශයේ අගෝස්තු 11 නුවරඑළිය නගරයක් ලෙස ඉංග්‍රීසින් විසින් නම් කරනු ලැබේ.ඉන්පසුව 1828 සිට 1948 දක්වාම ඉංග්‍රිසි පාලකවරු හා ආණ්ඩුකාරවරු ඇතුලු අනෙකුත් නිලධාරින් නුවරඑලියේ සිට ශ්‍රි ලංකාවේ පරිපාලන කටයුතු සිදු කර ඇති බවට වාර්තා වේ.ඊට ප්‍රධාන හේතුසාධකය වන්නේ වර්තමාන ජනාධිපති මැදුර එදවස මහරැජිනගේ නිළ නිවස වීමයි.අග්‍රාමාත්‍යවරයාට වෙනත් නිළ නිවසක්ද ඇමතිවරුන්ට වෙනත් නිළ නිවාසද තිබූ බවට නුවරඑළියේ අදවන විට සාධක දැක ගත හැකිය .

මේ සියල්ලම නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල ස්ථාපිත වී තිබීම සුවිශේෂි වීමට තවත් එක් හේතුවක් වේ.

ඉංග්‍රිසි පාලන සමයේ සිට වලපනේ දිසාව නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සියලුම පරිපාලන කටයුතු සිදු වී ඇත.1876 නුවරඑළිය දිස්ත්‍රික්කය පාලනය කිරිමට සහකාර ආණ්ඩුකාර ඒජන්තවරු පත්කෙරිණ.1883 දී ජනාධිපති මන්දිරය වැනි ගොඩනැගිලි ,මහාමාර්ග,හමුදා කදවුර,නිවාඩු නිකේතන,සංචාරක හෝටල් ,වැවිලි ආර්ථිකය මෙන්ම තේ වතු යනාදී සියලුම වැඩ කටයුතු සිදු වන්නේ ඉංග්‍රිසින්ගේ අවශ්‍යතාවය අනුවය.

ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම කෘෂිකාර්මික රටක් ලෙස ප්‍රචලිතය.මහපැරකුම් රජු දවස  විදේශිකයන්ට පවා මෙරටින් ආහාර වෙළදාම සිදු කල නිසා මෙය පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලැබීය.මේ හේතුව නිසා ශ්‍රී ලංකාව පුරාම පෙර රජවරු වැව් 350000 ක් පමණ මේ පුංචි මාතෘභූමිය තුල නිර්මාණය කළේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීම සදහාය.එම ජලාශ රැක ගැනීම සදහා ත් ඊට අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීමට පෙර රජවරුන්ගේ විශාල වගකීමක් විය.එනිසා රාජ්‍ය අණපනත් වලින් තොරව ශ්‍රී ලංකාවේ ඉහළම කදුකර ප්‍රදේශය තුල පිහිටා තිබෙන කදු පන්ති වන පිදුරුතලාගල කන්ද, පිදුරුතලාගල කන්ද,කිරිගල පොත්ත,තොටුපල කන්ද,කිකිලියාමාන කන්ද,ග්‍රේට්වෙස්ටන් කන්ද හා හග්ගල කන්ද යන ස්වාභාවික වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ ජල පෝශිත ප්‍රදේශ ලෙස සංරක්ෂණය කිරිමට එම රජවරු කටයුතු කර ඇතිබව පෙනේ.

ඉංග්‍රිසි පාලන යටත් විජිත සමයේදී වැවිලි ආර්ථිකයට ඉහල කදුකර ප්‍රදේශය යටත් වුවද ඉංග්‍රීසිහු ද දැඩි ජල පෝෂිත ප්‍රදේශ (වගුරු බිම්) සංරක්ෂණය කිරිමේ වැඩපිළිවෙලක්ද ඔවුන් අනුගමනය කර ඇත.එනිසා ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අයත් වර්ග  ප්‍රමාණය අති සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී.

එසේම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සමගාමීව කටයුතු කරනු ලබන්නේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.සිංහල දමිල, බර්ගර් හා මුස්ලිම් යන සියලුම ජන කොට්ඨාශයන් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජිවත් වේ. වතු හා ග්‍රාමීය සියලු ජනතාවගේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වශයෙන් කටයුතු කරන නුවරඑළිය ප්‍රදේශීය  ලේකම් කාර්යාලය එදා  මෙදා තුර කාලය තුල කොට්ඨාශයේ දෙලක්ෂයකට ආසන්න ජනතාව වෙනුවෙන් කටයුතු ඉටු කරමින් සිටී. 

 (තොරතුරු: ජේෂ්ඨ මාධ්‍යවේදී නුවරඑලිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

මේ දක්වා සේවය කරන ලද ප්‍රාදේශීය ලේකම්වරුන්

1992- කරුණාදාස මහතා

1997-රෝහණ කීර්ති දිසානායක මහතා

1999-කේ.කරුණාතිලක මහතා

2006-ගාමිණි ඉලංගරත්න මහතා

2012-එස්.කේ.බෝධිමාන්න මිය

2018-ඩබ්.එම්.ආනන්ද මහතා

2019-ඒ.ඒ.වී.සම්පත් මහතා

News & Events

වැඩිහිටි වැඩසටහන

වැඩිහිටි වැඩසටහන වැඩිහිටි වැඩසටහන - 2024/06/16  පට්ටිපොල , 2024/06/12 ...

 
18
අගෝ2024

competition for school students

folk singing, poetry singing, story creation compatition...

 
18
අගෝ2024

Divisional Job Fair Programme-2024

Divisional Job fair Programme-2024 Divisional Job fair...

 
14
අගෝ2024

Shoe distribution event for school students

Shoe distribution event for school students Srilankan...

 
15
අගෝ2023

Awareness program on employment and self-employment for unemployed youth - 01

  Awareness program on employment and self-employment...

 
15
අගෝ2023
30
ජූනි2023

Career guidance and Vocational awareness

Career guidance and Vocational awareness Career guidance...

 
21
ජූනි2023

National Creativity District Level Competition

National Creativity District Level competition - 2023...

 
20
ජූනි2023

Dansal  event - 2023

Dansal  event held at Nuwara Eliya Divisional...

 
13
ජූනි2023
Scroll To Top